බලන්ගොඩ වැලිහරනාව ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අද (11) සවස අතුරුදන්වි ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සහ 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරඟාවලියකට ගොස් සිසුන් 4 දෙනෙකු සමග වැලිහරනාව ප්‍රදේශයේ ඇති වතුර ටැංකි අසල මෙලෙස දියනෑමට ගොස් ඇති බවත් දෙදෙනෙකු ගොඩ සිටියදී අනෙක් දෙදෙනා ගඟට බැස දියනෑමට යෑමේ දී මෙලෙස ජලය ජලය ගිහි අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි
අතුරුදන් සිසුන් දෙදෙනා සොයා බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
