T56 ගිනි අවියක් සහ උණ්ඩ ළඟ තබාගත් අයෙකු දිවි ඇති තෙක් හිරේට

ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක්, පතරොම් ගැබ් එකක් සහ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 26ක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවෙකුට අනුරාධපුර මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබේ.

මෙසේ දඬුවම් නියම වූයේ නොච්චියාගම, ගාලදිවුල්වැව පදිංචි චුදිතයෙකුටය.

2011 මැයි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නොච්චියාගම පහමුනේගමදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ගිනි අවි ආඥා පනත ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා ගොනු කිරීමෙන් පසුව නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ

Werzuo Digital

Leave a Reply