වඳුරඹ පලල්ල වට්ටි පිහිටි නිවසකට පෙරේදා (12) රාත්‍රි කාලයේ කඩා වැදුණු කොල්ලකරුවෙකු මුළුතැන්ගේ ආහාර පිසිමින් සිටි නිවෙස් හිමිපවුල් සෞඛ්‍ය සේවිකාවගේ මුහුණකට රෙද්දක් දමා ඇගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා ගොස් තිබෙන බව වඳුරඹ පොලීසිය පවසයි.
මෙම කොල්ලකරු නිවසට ඇතුළු වී නිවසේ ප්‍රධාන විදුලි විදුලිය විසන්ධි කර මෙසේ මුළුතැන්ගෙයි රැඳී සිටි මෙම කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් එක්ලක්ෂ අසු පන්දහසක් පමණ වටිනා රන් මාලය කොල්ල කා ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම කාන්තාවගේ සැමියා ඇගේ වැඩිමල් පුතු සමග විනෝද චාරිකාවක් සඳහා ගොස් සිට ඇති බවත් ඇය නිවසේ සිට ඇත්තේ 3 හැවිරිදි වියේ පසුවන දරුවා සමග බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වදුරඹ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.