හික්කඩුවේ යතුරුපැදියක් දුම්රියක ගැටී කාන්තාවක් මරුට

හික්කඩුව දුම්රිය ස්ථානයට යාබදව පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ස්කුටි වර්ගයේ යතුරු පැදියක් අද (11) දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බලපිටිය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

අළුත්ගම සිට ගාල්ල බලා ධාවනයවු දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. සිද්ධියෙන් හික්කඩුව පොලොන්වත්ත පදිංචි 40 හැවිරිදි කාන්තාව මියගොස් ඇති අතර 45 හැවිරිදි එම කාන්තාවගේ සහෝදරිය මෙලෙස තුවාල ලබා රෝහලගතකර තිබේ.

මෙම අනතුරින් මිය ගිය කාන්තාවගේ මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ

Werzuo Digital

Leave a Reply