වක්වැල්ල පාලම කඩාවැටීමේ අවදානමක (VIDEO)

ගාල්ල වක්වැල්ලේ පාලම යට ගිං ගඟ හරහා ඇති පාලම දිරා යාමෙන් දැඩි අවධානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් දැඩි අනතුරක් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

වක්වැල්ලේ දී ගඟ ගලා යන්නේ තැනිතලා ප්‍රදේශයකිනි. වක්වැල්ල හා තෙලිකඩ යා කරමින් මේ පාලම ඉදිකරන ලද්දේ ගලවා ඉවත් කළ පාලමක යකඩ කණු යොදා ගනිමිනි. ගඟේ යකඩ කණු සිටුවා සාදන ලද වක්වැල්ල පාලම වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දිගම පාලම ද විය.

ජනතාව පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් සෑදූ මේ පාලම ඉදිකර ඇති ආකාරය අනුව එහි ගස් කොටන් විශාල වශයෙන් හිරවන බවත් ඒ හේතුවෙන් පාලම කැඩීයාමේ අවදානම තව තවත් වැඩි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි

තෙලිකඩ, දොඩන්ගොඩ, ගෝනපීනුවල, හික්කඩුව ආදී ප්‍රදේශ රැසක ජනතාවට ගාල්ල නගරයට මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහල සහ මහමෝදර ශික්ෂණ රෝහලට යාමට ඇති කෙටිම මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබේ.

දහස් ගණනක් දිනකට මෙම පාලම භාවිතා කරන බවත් පාසල් සිසුන් කාර්යාල සේවකයන් සහ සාමාන්‍ය ජනතාව දිනපතා මෙම පාලම භාවිතයට ගන්නා බවත් මේ හේතුවෙන් ජනතාවගේ ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බව ද ප්‍රදේශවාසීන් පවසයි.

Werzuo Digital

Leave a Reply