බ්‍රිතාන්‍ය කාන්තාවගේ මිලියන 2.4ක් වටිනා කැමරා උපකරණ ඉස්සු අයෙකු අත් අඩංගුවට

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු  අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.

පෙබරවාරි 22 දින දිවයිනට සංචාරයක් සදහා සිය මිතුරෙකු සමග පැමිණ තිබේ. ඇය ඉකුත් (05) වනදා කතරගම ප්‍රදේශයේ සංචාරය කොට ඊයේ (06) සෆාරි ජීප් රථයකින් කතරගම බුත්තල මාර්ගයේ සංචාරය කර ඇත.

‍මෙම කාන්තාවට වැසිකිළි යාමේ අවශ්‍යතාවය මත ගල්ගේ වනජීවි මුරපොළ වෙත පැමිණ වැසිකිළියට ගිය අතරවාරයේ මෙම කැමරා උපකරණ සොරකම් කොට ඇති බවට පැමිණිලි කර තිබේ.

අදාළ පැමිණිල්ල මත ගල්ගේ වනජීවී මුරපොළේ සේවයේ නියුතු වනජීවි නියාමක වරයෙකු කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Werzuo Digital

Leave a Reply