ඉන්දියාව හෙල්ලුනොත් කොළඹට අවදානමක්

ඉන්දියාවේ දැවැන්ත භූ චලනයක් සිදුවුවහොත් එය කොළඹ නගරයට බලපෑම ඉඩ ප්‍රස්ථාව වැඩි බව භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දියාවේ හිමාචල් උත්තර්කන්ද් යන ප්‍රාන්ත වල එළැඹෙන සතියේදී රිච්ටර් පරිමාණ අටක පමණ විශාල භූ චලනයක් සිදුවිය හැකි බවට ඉන්දියාවේ භූචලන විමර්ශන ආයතනය අනතුරු අඟවා තිබේ.

රික්ටර් පරිමාච්ටර් පරිමාණ 8ක භූ චලනයක් ඉන්දියාවේ සිදු වුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹට බලපාන බවත් මීට වසර දෙකකට පමණ පෙර දී ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයට පහළින් පිහිටි නගරයක රික්ටර පරිමාණ පහක පමණ භූ චලනය සිදු වූ බවත් එහිදී කොළඹ නගරයේ ගොඩනැගිලි සෙලවීමකට ලක් වූ බවත් මහාචාර්යවරයා පවසයි.

මෙලෙස විශාල භූමිකම්පාවක් සිදු වුවහොත් ඉන්දියාවේ වසර සීයක් එකසිය පනහක් පමණ පැරණි ගොඩනැඟිලිවල දැන් බලපෑමක් එල්ල වීමේ අවදානම වැඩි බව ද ඔහු පැවසීය.

අරුණ

Werzuo Digital

Leave a Reply