රත්ගම මුහුදේ ගිලුනු රුසියානු ජාතිකයා ජිවිතක්ෂයට

රත්ගම ඕවකන්ද සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ නාමින් සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි රත්ගම පොලිසය පවසයි.

මෙම රුසියානු ජාතිකයා ඊයේ (01) සවස මුහුදේ නාමින් සිටියදි දියේ ගිලි ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පිරිස විසින් ඔහු බේරාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (02) මියගොස් ඇත.

පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර රෝහලේ මාත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply