අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු ඇල්පිටියෙන්

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු ඇල්පිටිය ඕමත්ත ගනේගොඩ ප්‍රදේශයේ නිවසක තිබියදී අද (01) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි හා 69 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.

කාන්තාවන් දෙදෙනා ඝාතනයක් කරන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර මියගොස් කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාන්තාවන් දෙදෙනා පදිංචි නිවස පාළු ස්ථානයක පිහිටා ඇති බවද පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

One thought on “අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු ඇල්පිටියෙන්

Leave a Reply