පිතෘත්වය කෙලසු නරුම පියෙකුට වසර 48 සිර දඬුවම්

තම දියණිය දූෂණය කර, ඇය ගැබිනියක කළ පියකුට වරද පිළිගැනීමෙන් පසු වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වින්දිත දියණියට ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය පෙරේදා (26) නියෝග කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ මාවතගම කහපත්වල පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුටය

චුදිතට එල්ල වී තිබුණු අධිචෝදනා 3ට වෙන් වෙන්ව රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක්ද දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවමක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය ඊට අමතර එක් එක් චෝදනාවට වසර 16 බැගින් බරපතළ වැඩ සහිත වසර 48ක සිරදඬුවමක් නියම කර තිබේ.

සිරදඬුවම් එක්වර ගෙවී යන ලෙසත්, වින්දිත දියණියට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල නොගෙවන්නේ නම් වසර පහක බරපතළ වැඩ සහිත අමතර සිරදඬුවමක්ද නියම කර තිබේ.

Werzuo Digital

Leave a Reply