ලුණුගම්වෙහෙර පඩව්ගමදී වසර 13කට පෙර දස හැවිරිදි දැරියක බරපතළ අපයෝජනයකට ලක් කල පුද්ගලයකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙරේදා (25) සවස නියෝග කර තිබේ.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර 01ක බරපතළ වැඩ ඇති සිරදඬුවම් නියම කර තිබේ. එසේම නියම කළ වන්දි මුදලද නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ 72 හැවිරිදි අයෙකුටය
2010 ලුණුගම්වෙහෙර පඩව්ගමදී මෙම අපරාධය සිදුකර තිබෙන බවත් අගතියටපත් දැරියගේ මව මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට මියගොස් සිට ඇති අතර දැරියගේ පියා වෙනත් වරදක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ පසුවී තිබේ. මව හා පියා යන දෙදෙනාම නොමැති වීම නිසා දැරිය මිත්තණියගේ ආරක්ෂාව යටතේ පාසල් අධ්‍යාපනය ලබා ඇත. දැරියගේ වැඩිමහලු සහෝදරයා සමඟ හිතවත් වී ඇති චූදිත නිතර මෙම දැරියගේ නිවෙසට යෑම ඒමද සිදුකරන අවස්ථාවක දැරිය පමණක් නිවසේ සිටි අවස්ථාවක මෙම අතවරය සිදුකර තිබේ, එහිදි අතරවරයට පත් දැරිය මේ සම්බන්ධයෙන් මිත්තණියට දන්වා තිබේ.
පසුව මිත්තණිය විසින් ලුණුගම්වෙහෙර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව චූදිත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ 2017 වසරේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන තිබේ
ඒ අනුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිතට එරෙහිව නඟා තිබූ අධිචෝදනා දෙකෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිතට දඬුවම් නියම කෙරිණි.
මව්බිම
(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)