පාසල් සිසුවියක් නිවස තුළදී දරුවකු ප්‍රසූත කරලා – සැකපිට එක්දරු පියෙකු අත්අඩංගුවට

එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් අනුව ප්‍රසූත කර සිටි බිලිඳා සොයාගෙන තිබෙන බවත් මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බවත් වාර්තාවේ

මියගොස් සිටි බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මෙම බාලවයස්කාර සිසුවිය ගැබිණියක් කල පෙම්වතා බව කියන 25 හැවිරිදි එක්දරු පියෙක් ඇගේ ප්‍රකාශ මත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply