හික්කඩුව තානායමක සිටි රුසියානු ජාතිකයෙකු මරුට

හික්කඩුව මලපලාවත්ත, වෑවල ප්‍රදේශයේ පිහිටි තානායමක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අදාල තානායමේ හිමිකරු විසින් මේ බව පොලිසියට දැනුම්දී ඇති අතර නවාතැන් කාමරය තුළ මෙලෙස මියගොස් සිටියදි අද (24) සවස සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply