උඩුගම බැංකුවක් මහ දවල් කොල්ල කාලා

උඩුගම, ගෝණදෙනිය ප්‍රදේශයේ පිහිටි සණස බැංකුව අද (23) දහවල් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

බැංකුවේ සිට් නිලධාරිනියට තියුණු ආයුධයක් පෙන්වා බිය වද්දා එහි තිබු රුපියල් 70,000 පමණ මුදලක් රැගෙන පලාගොස් ඇති බව අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර උඩුගම පොලීසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සදහා වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply