සිය බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක් කළ සැමියෙකුට වසර 39ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000ක දඩයක් හා රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය (18) වනදා නියෝග කර තිබේ.
තිස්සමහාරාම පොලිස් බල ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකුට මෙලෙස සිර දඬුවම් නියම කර තිබ.
චූදිතයාගේ බිරිඳ මීට වසර 14කට පෙර ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් නේවාසික ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.එම අවස්ථාවේ ඇගේ වයස අවුරුදු දෙක හමාරක දරුවා 12 හැවිරිදි ඇගේ නැගණිය විසින් රැක බලාගෙන ඇත.
බිරිඳ රෝහල්ගත කර දිනයේ සිට අදාළ පුද්ගලයා විසින් බිරිඳගේ නැගණිය අවස්ථා කිහිපයකදී ම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇතැයි නිතිපතිවරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 3ක් යටතේ නඩු පවරා තිබේ.
පෙරේදා නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදීම සැකකරු අදාළ චෝදනාව සඳහා වරද පිළිගෙන තිබේ
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට එක් චෝදනාවකට වසර 13 බැගින් චෝදනා 3 සඳහා වසර 39ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.