මෙක්සිකෝව දැඩි දුම්කොල විරෝධී නිතීයක් බලාත්මක කරයි

ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කරමින් මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව මෙක්සිකෝව පොදු ස්ථානවල, උද්‍යාන, වෙරළ, හෝටල්, කාර්යාල සහ අවහන්වල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.මීට පෙර එම නීතිය එරට ආපනශාලා සහ සේවා ස්ථානවලට පමණක් ක්‍රියාත්මක කර තිබූ බව එම වාර්තා සදහන් කළේය

නව නීතියත් සමග දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රහය දැක්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති අතර ඒ අනුව සාප්පු තුළ සිගරට් ප්‍රදර්ශනය කිරීමට පවා නොහැකි වනු ඇති බව වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply