බද්දේගම නාගොඩ මාර්ගයේ හම්මැලිය ප්‍රදේශයේදි අද (15) සවස ජිප් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් යුධ හමුදා සෙබලෙක් මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බද්දේගම හම්මැලිය පදිංචි කලැත්තාව යුධ හමුදා කඳවුරේ 31 හැවිරිදි සෙබලෙකි.
අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර බද්දේගම පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන පවත්වාගෙන යනු ලැබේ.
