වසර තුනකට පසු මාතරින් හමුවු දාර කැස්බෑ බිත්තර

මාතර බ්‍රවුන්ස් හීල් කන්ද පිටුපස බ්ලැක් සෑන් වෙරළ තීරයේ තිබී දාර කැස්බෑ බිත්තර 84 ක් සොයා ගත් බව මිරිස්ස වන ජීවී කාර්යාලය පවසයි.

ඉතා කලාතුරකින් හමු වන මෙම දාර කැස්බෑ බිත්තර අවසන් වරට මාතරින් හමු වී ඇත්තේ 2019 වසරේ දීය.

එම දුර්ලභ ධාර කැස්බෑ බිත්තර වලින් පැටවු බිහි කර ගැනීම සදහා කඹුරුගමුව කැස්බෑ බිත්තර සංරක්ෂණ මධ්ස්ථානය වෙත රැගෙන ගොස් තැන්පත් කර තිබේ.

මාතර බ්‍රවුන්ස් හීල් පදිංචි පුද්ගලයෙකු විසින් වෙරළ තීරයට විශාල ප්‍රමාණයේ ධාර කැස්බෑවකු පැමීණ ඇති බවට අඩි සලකුණු දැක වන ජීවී නිලධාරීන් දැනුවත් කර ඇති අතර පසුව මිරිස්ස වන ජීවී කාර්යාලය විසින් මෙම බිත්තර සොයාගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply