සිය ගුරුවරියට වෙඩි තැබූ එක වසරේ දරුවා

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුන් පවසා ඇතැයි එම වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවත් වෙඩි ප්‍රහාරය එල්ලකර සය හැවිරිදි දරුවා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත් එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

විමර්ශන නිලධාරීන් පවසන්සේ මෙය අහඹු අනතුරක් නොවන බවත් දරුවා ගිනි අවියක් ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශන මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහි සඳහන්

ගුරුවරිය මේ වන විට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply