ලක්ෂ ගණනක Credit Card දත්තවලින් මුදල් වංචා කල තරුණයෙකු අත් අඩංගුවට

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත් ලක්ෂ 5ක දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන ඒවා උපයෝගී කරගනිමින් රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ මිලදී ගත් තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි

මෙම සැකකරු කාඩ්පත් 90ක් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 55ක භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් මඟින් ඉකුත් 4 වැනි දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට කර ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඊයේ (05) කුරුණෑගල දුම්මලසූරිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමාජ ජාලය හරහා සමූහයක් වශයෙන් එක්වී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි. සැකකරුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී එහි අන්සතු ලක්ෂ 5ක දත්ත ගබඩා කර ඇති බවත්, දත්ත උපයෝගී කරගෙන මොහු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පරිගණක, කැමරා, විවිධ ආහාර ද්‍රව්‍ය, මත්පැන් මදි භාණ්ඩ රැසක් ම මොහු විසින් වරින් වර ගෙන්වාගෙන ඇති බව ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවත්, ගෙන්වාගැනීමට ද අතරමැදි ස්ථාන තෝරාගෙන ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි.

18 හැවිරිදි මෙම තරුණයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් පුද්ගලයෙකු බවත්, කුලී වැඩ කරමින් දුරකථනයක් මිළ දී ගෙන, ඒ ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් මෙම වංචාවට පිවිස ඇතැයිද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු සමග සම්බන්ධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Source – ලංකාදීප

Werzuo Digital

Leave a Reply