දික්කසාද නඩුවක් හේතුවෙන් ඇමෙරිකාවේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ Enoch City ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙහිදී සිය 40 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4ත් 17ත් අතර වයස් පසුවන දරුවන් පස්දෙනා සහ සිය බිරිඳගේ මව මෙලෙස ඝාතනය කළ පසුව 42 හැවිරිදි වියේ පසුවන ඔහුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.