තන්තිරිමලේ පොලිසියේ තිබූ T56 වර්ගයේ ගිනි අවියක් පැහැරගෙන ගොස් විල්පත්තු වන උද්‍යානයේ සතුන් දඩයමේ නිරත වූ සැකකරුවෙකු වනජීවී නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් පොලිසියේ ආයුධ ගබඩාවේ තැන්පත් කර තිබූ අදාළ ගිනි අවිය සොරාගෙන ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශන වලදි අනාවරණය වී ඇත
මෙම සිද්ධියට අදාළව එම ගබඩාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.
පැහැරගත් ගිනි අවියෙන් සැකකරු මුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවේ.
