ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 04 දෙනකු මියගොස් තවත් 09 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය
එම අනතුරින් තුවාල ලැබූ පිරිස අතරින් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
හෙලිකොප්ටර් යානාවල සුන්බුන් ගෝල්ඩ් කෝස්ට් වෙරළ ආසන්නයේ වැලි තලාවකට වැටි ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය
