කටුගොඩ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් (VIDEO)

ගාල්ල කටුගොඩ දෙවට හන්දිය ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක අද (01) දහවල් ඇතිවු ගින්නකින් වෙළඳසැලට හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි.

ගින්න හටගත් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීමත් සමඟ වෙළඳ සැළ තුල තිබුණු රෙදිපිළි සහ නුල් වර්ග විනාශ වී තිබේ. පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට කටයුතු කර තිබේ

ඒ අතරතුර පැමිණි ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් ගින්න නිවා දමා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply