දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ බද්දෙගම පිවිසුම අතර කොළඹ දෙසට වන්නට 88 වන කිලෝමීටර කණුව ආසන්නයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි අද (01) පෙරවරුවේ සිදු වූ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මතුගම පැලවත්ත ප්රදේශයේ පදිංචි පිරිසකි. තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු සිටින අතර ඔවුන් අතර තුවාල ලැබු ළමුන් තුන් දෙනකු සිටින බවද පොලිසිය පවසයි.
අනතුරෙන් වාහනයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර අනිකුත් අය සුළු තුවාල ලබා ඇති බව රෝහල් පොලිසිය පවසයි.
කතරගම වන්දනාවට ගොස් යළි නිවස බලා යමින් සිටියදි රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි වාර්තාවේ. අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි