විශ්වවිද්‍යාල සිසුවෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

හම්බන්තොට, වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (17) සවස දියේ ගිලී මියගොස් තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.

එහිදී අදාළ සිසුවා දියේ ගිලී ඇති අතර ඊයේ රාත්‍රියේදී සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල දෙමටවැල්හින්න පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply