දකුණු මුහුදේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට

දකුණු මුහුදට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (ICE) කිලෝග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සහ සැකකරුවන් පිරිසක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව දකුණු මුහුදේ මෙම මෙහෙයුම සිදුකර තිබේ.

අත් අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් තොගය, ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතයි.

One thought on “දකුණු මුහුදේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට

Leave a Reply