ඇඟලුම් සේවිකාවන් ප්රවාහනය කරන බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ඇස්බැස්ටොස් ෂිට් පැටවු ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් බස් රථයේ සිටි 5 සේවිකාවන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ දී උතුරු පයාගල ප්රදේශයේ දී ඊයේ (14) රාත්රීයේ මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.
ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගාලු පාරේ ඉතා අපරික්ෂාකාරී ලෙස විදුලි ලාම්පු නොදල්වා නවතා තැබීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ දී ලොරි රථයේ පිටුපස අසුරා තිබූ සෙවිලි තහඩු එක්වරම බස් රථය තුළට කඩා වැදී ඇති බවත් පොලිසිය පවසයි.
ලොරි රථයේ රියදුරු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.