ඇමරිකාවේ ටෙක්සාස් නුවර වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් (15) වැනිදා එරට පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රි ලාංකීය සම්භවයක් ඇති පුද්ගලයෙකි.
තමාගේ නිවසේ ආලින්දයේ රයිෆලයක් අතැතිව සිටි ඔහු හට ඔස්ටින් පොලිසිය එම ගිනි අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් වෙඩි තබා ඝාතනය කළ බව මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවත් ඔහු තාක්ෂණික ක්ෂේත්රයේ ව්‍යවසායෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉකුත් නොවැම්බර් මස 15 වැනිදා අලුයම රාජන් නිවසට පැමිණි අවස්ථාවේ නිවසට සොරුන් පැන ඇතැයි සැකයක් මතු වීම හේතුවෙන් රයිෆලයක් රැගෙන ආලින්දයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පැමිණි ඔස්ටින් පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් රයිෆලය බිම තබන ලෙස පවසමින් රාජන්ට වෙඩි තැබූ බව ඥාතීන් පැවසූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීදිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත් එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩි තැබූ බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පැවසූ බව ඔස්ටින් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන බව එම වාර්තා සඳහන් කලේය.
මොහු හට වෙඩි තබා ඇති පොලිස් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසුවේය. රාජන් හට ගිනි අවිය බිම දමන ලෙස අනතුරු අඟවා ඇති අතර ඇඟවූ විගස පොලිස් නිලධාරීයා ඔහුට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇතැයි ඔස්ටින් පොලිසිය උපුටා දක්වමින් එහි සදහන්ය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කෙරෙන බවත් වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ රාජන් බේරා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සහ කළත් එය අසාර්ථක වූ බව ඔස්ටින් පොලිසිය උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය