ගවයෙකු 23 දෙනෙකු රෝහලට යවයි

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අතිසුඛෝපභෝගී බස් රථයක් අද (05) අලුයම කිලිනොච්චිය දී ගවයෙකු ගැටීම නිසා පෙරළි ගොස් සිදුවු අනතුරෙන් බසයේ සිටි 23 දෙනෙකු තුවාල ලබා තිබෙන බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය 155 වැනි කිලෝමීටර කණුව අසළදි මෙම අනතුර සිදුව ඇති බවත් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකු ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය සඳහන් පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply