අධිකරණයේ සිර මැදිරියට දුම්කොල දැමු සැකකරු රිමාන්ඩ්

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට දුම්කොල පාර්සලයක් දිමට උත්සාහ කල පුද්ගලයෙකු 14 වන දින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ පෝද්දල පදිංචි සැකකරුවෙකි.

සුරාබදු චෝදනාවක් යටතේ මෙම සැකකරුට නියමව තිබු දඩයක් ගෙවිම සඳහා සැකකරු අධිකරණ ශාලාවට ඇතුලු අවස්ථාවේ අධිකරණ පොලිස් නිලධාරි විසින් සැකකරු පරික්ෂා කරන ලෙස බන්ධනාගාර නිලධාරින්ට පවසා ඇත.

ඒ අනුව සැකකරු පරික්ෂා කිරිමේදි ඉණේ සඟවාගෙන සිටි දුම්කොළ පාර්සලය සොයාගෙන ඇත.

Werzuo Digital

Leave a Reply