තරුණියගේ වන්දනා ගමන අවසන් ගමන වෙයි

අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක පැමිණි පිරිසක් ඊයේ (26) පස්වරුවේ දිවුල්වැවේ නාන තොටුපළ අසල දිය නාමින් සිටිය දී හිදෝගම දිවුල්වැවේ ගිලී තරුණියක් මියගොස් තිබේ

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

පසුව ප්‍රදේශවාසින් විසින් තරුණිය ගොඩට ගෙන නෙළුබෑව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තරුණිය මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply