යාල දී වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ගැමුණු සනීප වෙලා කැලේට ගිහින්

බඳින තුවක්කුවක වෙඩිල්ලක් වැදී පාදයකට වූ තුවාල විමෙන් පසු පශු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි යාල වනෝද්‍යානයේ ගැමුණු හස්තියා සුව අතට හැරී වැටී සිටි තැනින් නැගිට වනයට ගොස් ඇතැයි වන ජීවී අමාත්‍යාංශය පවසයි.

මෙම අලියාගේ දකුණු පාදයට තුවාල සිදුවී තිබූු අතර ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ සිට විශේෂඥ වෛද්‍යවරියක් වන ගංගා විජේසිංහ මහත්මිය ද යාලට පිටත් කර හැරීමට වනජීවි අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද  (26) පෙරවරුවේ යාල වනෝද්‍යානයේ ගැමුණුට වෙඩි වැදී සිටි ස්ථානයට ගිය ද ගැමුණු වනාන්තරයට ගොස් ඇති බව නිරීක්ෂණය වි තිබේ.

පෙර පුවත සඳහා

Leave a Reply