සෞදි අරාබියට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් වාහන විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවි ඇති බව සෞදි මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ජෙඩා ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පාසල් ද වසාදැමීමට සිදුවී ඇති බවත් ගුවන් ගමන් ද ප්‍රමාද වී ඇති බව එම වාර්තා සඳහන් කළේ ය.
එමෙන්ම ශුද්ධවූ මක්කම නුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ග අවහිරවීමෙන් බැතිමතුන්ට ද බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තා සඳහන් කළේ ය.
සෑම වසරකම මෙම කාලසීමාවේදී ජෙඩා නගරයට ගංවතුර බලපෑම සිදුවන අතර 2009 වසරේදී ඇති වූ ගංවතුර තත්වයකින් පුද්ගලයින් 123 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්විය.