ලෝක සරම්ප වසංගතයක් ගැන WHO සහ CDC බිය පලකරයි

2021 දී ලොව පුරා මිලියන 40 කට ආසන්න ළමුන්ට සරම්ප එන්නත් මාත්‍රාව මග හැරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) එක්ව ප්‍රකාශයට පත් කරන ලද නවතම පර්යේෂණ වාර්තාවක සදහන්ය.

ඒ අනුව ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය බිය පළ කර තිබේ.

ඊට ආසන්නම හේතුව ලෙස ලෝකයේ කලාප කීපයක සරම්ප වෛරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බවද එම වාර්තා සදහන් කළේය.

එම වාර්තාවට අනුව, ළමුන් මිලියන 25 කට ඔවුන්ගේ පළමු මාත්‍රාව මග හැරි ඇති අතර මිලියන 14.7 කට ඔවුන්ගේ දෙවන මාත්‍රාව මග හැර තිබේ.

ගෝලීය වශයෙන් සරම්ප වසංගත තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දිම නිසා සරම්ප එන්නත මගහැර ගොස් ඇති බව එම වාර්තා සඳහන් කළේ ය

කොවිඩ් මර්දනයට ලොව පුරා එන්නත්කරණ කටයුතු සිදුවූයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ද (UNISEF) සහාය ඇතිව බවත් එම එන්නත්කරණ කටයුතු හේතුවෙන් සරම්ප එන්නත්කරණය අඩපණ වූ බවත්, එය ලෝකයේ කලාප කීපයක සරම්ප ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න වූයේ ඒ අනුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත

සරම්ප යනු එන්නත් මගින් සම්පූර්ණයෙන්ම පාහේ වළක්වා ගත හැකි රෝගයකි

Werzuo Digital

Leave a Reply