දඩාවතේ යන බල්ලෙක් එකම ගමේ 11 හපා කාලා

පොල්පිතිගම, මඩගල්ල මංසන්ධියේ ගැවසෙන දඩාවතේ යන සුනඛයකු සපා කෑමෙන් අවට පදිංචි 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉකුත් 14 හා 15 දෙදින තුළ මෙම සුනඛයා සපා කෑමෙන් අවට නිවෙස්වල පිරිසක් හා මඩගල්ල මංසන්ධියේ බස්රථ වල සේවය සඳහා පැමිණි රියදුරෙකු තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසයි.

ඔවුන් අතරින් මඩගල්ල පදිංචිකරුවෙකුගේ කකුල දරුණු ලෙස පහර කෑම හේතුවෙන් ඔහු පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ

Werzuo Digital

Leave a Reply