නිවසකට පැමිණ විලාප තැබු අලි පැටවා මරුට

නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගු අලි පැටවා අද (15) පෙරවරුවේ මියගිය බව නවගත්තේගම වනජීවී අඩවි වන කාර්යාලය පවසයි.

වනජීවී අංශ විසින් දින තුනක් පුරා මෙම අලිපැටවාට ප්‍රතිකාර ලබා දී තිබේ

පසුගිය 12 වනදා දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැටවකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අලුයම පැමිණ අසරණව වැටි විලාප නගමින් සිටිය දී වනජීවි නිලධාරීන්ට දන්වා ප්‍රතිකාර ලබා දීම සිදුව තිබුණි. මහමැද්දෑව ගම්මානය ආසන්නයෙ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණ සිටි මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් පැන ගම්මානයෙ නිවැසියකුගේ මිදුලකට පැමිණ සිටි බව වාර්තාවේ.

මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමඟ ම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු වීමෙන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බව පශු වෛද්‍යවරු ප්‍රකාශ කළේය. අවුරුදු පහක පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි.

Werzuo Digital

Leave a Reply