The Terminal චිත්‍රපටයට පාදක වූ මෙහෙරාන් නසේරි මියයයි

ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් නළු ටොම් හෑන්ස්ක් ප්‍රධාන චරිතය පණ පොවන The Terminal චිත්‍රපටයට පාදක වු ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉරාන ජාතික මෙහෙරාන් නසේරි හෘදයාබාධයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයෙන් පිටුහල් කිරීමෙන් පසු පළමුවෙන් චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට 1988 දී පැමිණ තිබේ. නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොවුණු බැවින්, 1988 වසරේ සිට නසේරිගේ නිවහන වූයේ ප්‍රංශයේ එම ගුවන්තොටුපොළය.

2006 වසරේදී සරණාගත වාසස්ථානයක් වෙත නසේරි පිටව ගොස් ඇති අතර ඔහු මෑත කාලයේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිණ එහි පදිංචි වූ බව මාධ්‍ය වාර්තා කළේය. නසේරි පසුගිය 13 වනදා හෘදයාබාධයකට ලක්වීමෙන් ගුවන්තොටුපොළ පර්යන්තයේම අවසන් සුසුම් හෙලූ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය. මියයන විට ඔහු 77 වෙනි වියේ පසුවිය.

Werzuo Digital

Leave a Reply