අකුණු සැර වැදී අයෙකු මරුට කාන්තාවන් දෙදෙනෙකුට තුවාල

නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදි අකුණු සැර වැදී පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කරනු කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි එක් දරු පියෙකු මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා තම බිරිඳ සහ තවත් කාත්තාවක් සමග ඊයේ (13) සවස කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස අකුණු සැර වැදී අනතුරට පත්ව ඇත

රෝහල්ගත කළ අය අතර සිටින මියගිය පුද්ගලයාගේ බිරිඳගේ තත්ත්වය බරපතළ බවත් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ගල්ගමුව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Werzuo Digital

Leave a Reply