ගරාජයේ ගින්නෙන් යතුරු පැදි විස්සක් අළු වෙයි

පස්යාල, හිරිවල ප්‍රදේශයේ පිහිටි යතුරු පැදි අළුත්වැඩියා කරන ගරාජයක ඊයේ (11)රාත්‍රි ඇතිවූ ගින්නකින් එහි තිබූ යතුරු පැදි 20ක් පමණ සම්පූර්ණයේම විනාශවී ඇතැයි මීරිගම පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමට ගත් උත්සාහයන් ව්‍යර්ථවී ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබේ

සිද්ධිය පිළිබඳව මිරිගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Werzuo Digital

Leave a Reply