විස්සයි විස්ස අවසන් මහා තරඟය විනිශ්චය කරන්න ශ්‍රි ලංකාවෙන් දෙදෙනෙක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ලබන 13 වනදා පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග විනිසුරුවන් සහ තීරකයින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබේ.

ඒ අනුව අවසන් තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරුන් දෙපළක් වන මරියාස් එරාස්මුස් සහ කුමාර ධර්මසේන නම් කර තිබේ

අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිටින ප්‍රවීණතම තරග තිරකයෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රන්ජන් මඩුගල්ලේ නම් කර තිබේ

මෙම තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස ක්‍රිස් ගැෆර්නි සහ සිව්වන හෙවත් අතිරේක විනිසුරුවරයා පෝල් රයිෆල් නම් කර තිබේ

Leave a Reply