උණුසුම වැඩි වෙලා යුරෝපයේ 15000ක් මරුට

අධික උණුසුම දරා ගැනීමට නොහැකිව 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000ක පමණ පිරිසක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

ස්පාඤ්ඤයේ මරණ 4,500ක්, පෘතුගාලයේ මරණ 1,000ක්, එක්සත් රාජධානියේ මරණ 3,200ක්, ජර්මනියේ මරණ 4,000ක් පමණ වාර්තා වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

උණුසුම හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ තවත් රටවල් තවදුරටත් වාර්තා කරමින් පවතින අතර මෙම මරණ සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවනු ඇති බවද එම වාර්තා සදහන් කළේය.

ජුනි මාසයේ සිට අගෝස්තු මස දක්වා මාස තුනක කාලය යුරෝපයේ උණුසුම අධිකම කාලය වූ අතර මහද්වීපයේ ඇතිවූ දරුණුතම නියගයට මෙම ඉහළ උෂ්ණත්වය හේතු වූ එහි සඳහන් කර තිබේ

යුරෝපා රටවල මේ අයුරින් දැඩි උණුසුම් විපරිත කාලගුණයක් නිර්මාණය වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

Werzuo Digital

Leave a Reply