ශ්‍රි ලාංකීකයාගේ ඇමතුමෙන් මහ මුහුදේ ගිලෙමින් සිටි 300ක ජිවිත බේරාගනි

මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි සංක්‍රමණික පුද්ගලයන් යැයි සැකකෙරෙන 300 දෙනකු සිංගප්පූරු බලධාරීන් බේරාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එම බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයකු නාවික හමුදාව සමග සම්බන්ධ වී උදව් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් සහය පැතූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා පවසා තිබේ.

අනතුරුව බෝට්ටුවේ සිටි පිරිස බේරාගත් බවත් ඔවුන් වියට්නාමය බලා ගමන් කරමින් සිටින බවත් සිංගප්පූරු බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී ඇත.

Werzuo Digital

One thought on “ශ්‍රි ලාංකීකයාගේ ඇමතුමෙන් මහ මුහුදේ ගිලෙමින් සිටි 300ක ජිවිත බේරාගනි

Leave a Reply