හෝමාගම මුවන් ගමට යවයි

කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු වනෝද්‍යාන සහ අභයභූමි වලට යොමු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එම මුවන්ට පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් පසු එලෙස වනෝද්‍යාන සහ අභයභූමිවලට මුදාහැරීමට නියමිත බව වාර්තාවේ.

හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් අමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට වාර්තා වූ බැවින් පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභය භූමි වලට මුදා නොහරින ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Werzuo Digital

Leave a Reply