හිතේ කහටක් නැති කහටගස්දිගිලිය පොලීසිය

කහටගස්දිගිලිය පොලීසිය මගින් ලබාදෙන සේවය ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍රව තිබේ.

යම් අයකු පැමිණිල්ලකට හෝ යම් කරදරයකදී පොලිසියට පැමිණි විටදී පුද්ගලික තොරතුරු විමසා ආර්ථික අපහසුතා වලින් පෙළෙන අය තෝරාගෙන ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරේ.

දරුවන් කැටුව පොලිසියට පැමිණෙන මාපියන්ගෙන් තොරතුරු විමසා පාසල් යාමේ අපහසුතාවයෙන් පෙළෙන දරුවන් හට පාසල් උපකරණ ලබාදීම මෙම පොලීසියේ එක් පැසසිය යුතු ක්‍රියාවකි.

ග්‍රාමසේවක වසම් 32කින් සමන්විත මෙම පොලිස් කොට්ඨාශයේ ජනගහනය හතලිස් දහසකි. වර්තමාන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ පොලිස් පරීක්ෂක සමන්ත අබේසේකර මහතාය

මේ වසරේ ජනවාරි සිට ඉකුත් මස අවසානය දක්වා පැමිණිලි එක්දාස් පන්සීයක් ලැබී ඇති අතර ඉන් විසඳීමට ඇත්තේ පැමිණිලි 08ක් බව ද සඳහන්ය

උතුරු මැද පළාතේ හොඳම පොලිසිය ලෙස තේරී පත්වීමට අවස්ථා කිහිපයකදි කහටගස්දිගිලිය පොලීසිය සමත්ව තිබේ.

ජනතාවට උපකාර කිරීමට බාහිර පුද්ගලයන්ගෙන් ආධාර උපකාර ලබා නොගන්නා අතර එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිලධාරින් විසින් යෙදවීමද විශේෂත්වයකි.

අපරාධ අවම කිරීම ප්‍රජා පොලිස් කණ්ඩායම් යොදවා නිරතුරුවම ජනතාව දැනුවත් කිරීමද සිදුකරනු ලබන අතර 2020 වසරේ සිදු වූ මාරක අනතුරු 11 ක ප්‍රමාණය මෙම වසරේදී දෙකක් දක්වා අඩු කිරීමට ද පොලීසියට හැකියාව ලැබී ඇත.

අද

Werzuo Digital

Leave a Reply