යක්කලමුල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනකුට තුවාල

ගාල්ල යක්කලමුල්ල මා ගෙදර ප්‍රදේශයේ දී අද (19) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තවත් කුඩා දරුවෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.

එම පුද්ගලයාගේ පාදවලට වෙඩි වැදී ඇති බව ද පොලිසිය පවසයි. පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

යතුරු පැදියෙන් පැමිණි තිදෙනා මෙම වෙඩි තැබීමෙන් පසු මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු බියවද්දා ඔහුගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී T56 උණ්ඩ දෙකක් සොයා ගත් බවද පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි

Werzuo Digital

One thought on “යක්කලමුල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනකුට තුවාල

Leave a Reply