වැඩිහිටි දීමනා ලාභීන් කබලෙන් ලිපට 

මෙතෙක් ගමේ තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලයෙන් මහජනාධාර, වැඩිහිටි දිමනා, ආබාධිත සහ  වකුගඩු රෝගී දීමනා ලබාගත් අයට මෙම මාසයේ සිට සමෘද්ධි බැංකුවලින් එම දිමනා ගෙවිමට කටයුතු කර ඇත.මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි එම දිමනා ලබා ගන්නා පිරිස් පවසති.

එක් සමෘද්ධි බැංකුවක් ග්‍රාම නිලධාරි වසම් පහළොවකට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති බැවින් බොහෝ දෙනෙකුට දීමනාව ලබා ගැනීම සදහා තමන්ට අදාල බැංකුව වෙත කිලෝමීටර් ගණන් දුර ගෙවා යාමට සිදුව ඇති බවද ඔවුහු පවසති..

මෙම දීමනා ලබන බොහෝ දෙනෙක් සෞඛ්‍ය අතින් දුර්වල තත්ත්වයක පසුව අය බැවින් ත්‍රී රෝද රථ වලින් අදාල බැංකු වෙත යාමට සිදුවේ. මේ නිසා තමන්ට ලැබෙන සුළු දීමනාවෙන් වැඩි කොටස ත්‍රීරෝද ගාස්තු ලෙස ගෙවීමට සිදුවීමෙන් තමන් තවත් අසරණ වන බවද ඔව්හූ කියා සිටිති .

මෙම මාසයේ සිට දීමනාව ලබා ගැනීම සඳහා තමන්ගේ ප්‍රදේශයේ අදාල සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කරන ලෙසද ග්‍රාම නිලධාරිවරයා විසින් මෙම දීමනාලාභින්ට  දැනුම්දී ඇත.

Werzuo Digital

Leave a Reply