දකුණු ඉන්දියානු සාගරයේ මධ්‍යම සාගර කලාපයේ ප්‍රබල භූ චලනයක් සිදුවී තිබේ. රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.9 ක් ලෙස සටහන් වී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ
සාගරයේ කිලෝමීටර් 10ක ගැඹුරෙන් මෙම භූ චලනය සිදුවී ඇතැයි එහි සදහන්ය. මෙමඟින් අවට කලාපයට කිසිදු බලපෑමක් නොමැති අතර මෙය දැන ගැනීම සඳහා පමණි. ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රි 9.48 පමණ මෙම භුචලනය සිදුව තිබේ.
මේ අතර තායිවානය ආශ්‍රිතව ඊයේ (18) පස්වරුවේ සිදුවූ මැග්නිටියුඩ් 7.2 ප්‍රභල භූ කම්පනයෙන් පසු එහි අවට කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කල අතර පසුව එය ඉවත් කරනු ලැබිය
එම භු චලනයෙන් තායිවානයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර දුම්රිය පීලි පැනීම් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අණාවරණය කළේ ය