ගාල්ල වරාය බාරගන්න ආයෝජන සමාගම් තුනක් ඉදිරිපත් වෙයි

ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගාල්ල වරායේ පසුගිය දා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ගාල්ල වරායේ සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් කෙරෙන වැඩසටහනක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැලැස්මක්, රුවල් හා මගී නෞකා පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම සඳහා මෙහි  මූලික සැලැස්ම නිර්මාණය කර ඇති බවත්  ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ ජනතාවටද ප‍්‍රතිලාභ රැසක් අත්වන එකක් බවත් ඔහු පැවසීය

ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකුගේ රැකියා  අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය

Werzuo Digital

Leave a Reply