ශ්‍රි ලංකාවේ සිට මුහුදු සැතපුම් 300 ක පමණ දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිංගප්පූරුවේ සිට සෞදි අරාබිය දක්වා යාත්‍රා කරමින් තිබු සෞදි අරාබියට අයත් නෞකාවක සේවය කල නිලධාරීයෙකු මියගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි වරාය පොලිසිය පවසයි.
නෞකාවේ දෙවන නිලධාරී ලෙස කටයුතු කරන ලද ඊජිප්තු ජාතික 30 හැවිරිදි අයෙකු හදිසියේ නෞකාව තුලදී මියගොස් ඇති බවට එම නැව් සමාගමේ මෙරට නියෝජිතායතනය විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මියගිය අයගේ මෘත දේහය ගාල්ල වරායට රැගෙන එමට නියමිත අතර පසුව දේහයට අදාල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.